නාමල් රාජපක්ෂට එයාර්බස් නඩුවෙන් ඇප – වෙනත් නඩු නිසා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

එයාර්බස් ගනුදෙනුවට අදාළ මුදල් විශුද්ධිකරණ චෝදනාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට ඇප ලැබී තිබේ. ඒ අනුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් ඔහුව රුපියල් ලක්ෂ 5ක මුදල් ඇපයක් සහ රුපියල් මිලියන 100 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කරන ලදී.​කෙසේ වෙතත්, මෙම නියෝගය යටතේ ඔහුට විදේශ ගමන් තහනමක් පනවා ඇති අතර, සාක්ෂිකරුවන්ට බලපෑම් නොකරන ලෙස දැඩි ඇප කොන්දේසි ද පනවා ඇත. මෙම ඇප නියෝගය අදාළ වන්නේ එයාර්බස් ගනුදෙනුවට සම්බන්ධ එක් නඩුවකට පමණක් වීම විශේෂත්වයකි.​මේ හේතුවෙන් අනෙකුත් නඩු කිහිපයක් සඳහා නාමල් රාජපක්ෂ මහතා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගතව පසුවේ. ඒ අනුව එයාර්බස් ගනුදෙනුවටම අදාළ තවත් නඩුවක් සඳහා ඔක්තෝබර් 13 දක්වාත්, ක්‍රිෂ් ගනුදෙනු නඩුව සඳහා ඔක්තෝබර් 6 දක්වාත් ඔහුව තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයේ රඳවා තැබීමට නියමිතය.

What's your reaction?

Related Posts

1 of 1,356

Leave A Reply

Your email address will not be published. Required fields are marked *