නාමල් රාජපක්ෂට නිවසින් කෑම ගේන්න අවසර

ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවකදී රුපියල් මිලියන 100 ක අල්ලසක් ලබාගත් බවට එල්ල වූ චෝදනාවක් මත, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන 18 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. පසුගිය 4 වන දින ඔහු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරුණු අතර, ඔහු දැනට රඳවා සිටින්නේ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේය.​මෙම රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ කාලසීමාව තුළ මන්ත්‍රීවරයාට නිවසින් රැගෙන එන ආහාරපාන ලබා ගැනීමට බන්ධනාගාර බලධාරීන් විසින් අවසර ලබා දී තිබේ. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සේනක පල්ලේතැන්න මහතා සඳහන් කළේ ඔහු රඳවා ඇති වාට්ටුව ආශ්‍රිතව මේ වන විට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක කර ඇති බවයි.​මීට අමතරව, සැකකාර මන්ත්‍රීවරයා බැහැදැකීම සඳහා පැමිණෙන පුද්ගලයින් සම්බන්ධයෙන්ද විශේෂ සීමාවන් පනවා තිබේ. ඒ අනුව, මන්ත්‍රීවරයා හමුවීම සඳහා දිනකට අවසර ලබා දී ඇත්තේ උපරිම වශයෙන් තිදෙනෙකුට පමණක් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේය.

What's your reaction?

Related Posts

1 of 1,320

Leave A Reply

Your email address will not be published. Required fields are marked *