නායයෑම් අනතුරු ඇඟවීම් තවත් පැය 24කට දීර්ඝ කෙරේ

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නායයෑම් සම්බන්ධයෙන් නිකුත් කර තිබූ අනතුරු ඇඟවීම්වල වලංගු කාලය තවත් පැය 24කින් දීර්ඝ කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන ඇත. අද (24) පෙරවරු 5.00 සිට හෙට (25) පෙරවරු 5.00 දක්වා මෙම අනතුරු ඇඟවීම් ක්‍රියාත්මක වන බව එම සංවිධානය නිවේදනය කරයි.​මේ අනුව, කෑගල්ල දිස්ත්‍රික්කයේ (දෙහිඕවිට, දැරණියගල, රුවන්වැල්ල, යටියන්තොට) සහ රත්නපුර දිස්ත්‍රික්කයේ (කුරුවිට, රත්නපුර, අයගම, ඇහැලියගොඩ) ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා දෙවන මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර, එම ප්‍රදේශවල ජනතාව වඩාත් අවධානයෙන් සිටිය යුතු වේ.​මීට අමතරව, කොළඹ, ගම්පහ, කළුතර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල තෝරාගත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා පළමුවන මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. එම ප්‍රදේශවල පදිංචිකරුවන් නායයෑම් ලක්ෂණ පිළිබඳව දැඩි විමසිල්ලෙන් පසුවන ලෙස බලධාරීන් ඉල්ලා සිටී.

What's your reaction?

Related Posts

1 of 1,156

Leave A Reply

Your email address will not be published. Required fields are marked *