නිකවැරටිය, දිවුල් ඉඩම්ගොඩ ප්රදේශයේදී නීති විරෝධී ලෙස පුරාවස්තු කැණීම් කරමින් සිටි සැකකරුවන් තිදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.නිකවැරටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලැබුණු තොරතුරකට අනුව සිදු කළ වැටලීමකදී, වයස අවුරුදු 20 සහ 42 යන වයස්වල පසුවන එම ප්රදේශයේම පදිංචිකරුවන් තිදෙනෙකු මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත. වැටලීමේදී කැණීම් උපකරණ සහ පූජා භාණ්ඩ තොගයක්ද පොලිස් භාරයට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්රියාත්මකය.



























