පමුණුගම පොලිස් වසමේ මුතුරාජවෙල රක්ෂිත ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී නීති විරෝධී ලෙස මත්පැන් නිෂ්පාදනය සඳහා සූදානම් කර තිබූ ගෝඩා ලීටර් 2,646 ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (28) රාත්‍රී කාලයේදී පොලිස් නිලධාරීන්ට ලැබුණු රහසිගත තොරතුරක් මත මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇති අතර, එහිදී බැරල් 14 ක බහා තිබූ මෙම නීති විරෝධී ද්‍රව්‍ය තොගය පොලිස් භාරයට ගෙන ඇත.මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව ඇත්තේ උස්වැටකෙයියාව ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙකි. අදාළ ජාවාරම පිටුපස වෙනත් පුද්ගලයන් හෝ ජාලයක් ක්‍රියාත්මක වී ඇත්ද යන්න අනාවරණ කර ගැනීම සඳහා පමුණුගම පොලිසිය මේ වන විට වැඩිදුර විමර්ශන කටයුතු අරඹා තිබේ.



























