නීති විරෝධී රත්‍රං පාර්සල් සමග කටුනායකදී කාන්තාවක් අත්අඩංගුවට

කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රයේදී නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ රත්‍රං තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ ගුවන්තොටුපොළ ඒකකයේ නිලධාරීන්ට ලද රහසිගත තොරතුරක් මත මෙම වැටලීම සිදු කෙරිණි.​අංගොඩ ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි මෙම සැකකාරිය සතුව තිබී, ඩුබායි සිට නීති විරෝධී ලෙස රැගෙන එන ලද ග්‍රෑම් 916 ක බරින් යුත් රත්‍රං පාර්සල් 12 ක් නිලධාරී භාරයට ගෙන ඇත.​වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකාරිය සහ අදාළ රත්‍රං තොගය කටුනායක ගුවන්තොටුපොළ රේගු මත්ද්‍රව්‍ය කාර්යංශය වෙත ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

What's your reaction?

Related Posts

1 of 1,354

Leave A Reply

Your email address will not be published. Required fields are marked *