නේපාලයේ ගංවතුර හා නායයෑම්වලින් මියගිය සංඛ්‍යාව 950 ඉක්මවයි

නේපාලයට දැඩි ලෙස බලපා ඇති හදිසි ගංවතුර සහ නායයෑම් තත්ත්වය හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයින් සංඛ්‍යාව 950 ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ස්වභාවික විපතත් සමඟ සිදු වූ විනාශකාරී තත්ත්වය හමුවේ අතුරුදන්ව ඇති පිරිස 4,400 සීමාවද ඉක්මවා තිබේ.​විශේෂයෙන්ම රසුවා සහ නුවකොට් යන දිස්ත්‍රික්කවල පිහිටි ජල විදුලි බලාගාර 12 ක සේවය කළ සේවකයින් 900 කට ආසන්න පිරිසක් අතුරුදන්ව ඇති අතර, ඉන් 500 ක් පමණ දෙනා මඩ තට්ටුවලින් යටවී ගිය ජල විදුලි බලාගාර උමං මාර්ග තුළ සිරවී සිටින බවට බලධාරීහු දැඩි බියක් පළ කරති.​මෙම උමං මාර්ගවල සිරවී සිටින පිරිස් වෙත ළඟාවී ඔවුන් මුදා ගැනීම සඳහා මේ වන විටත් දැවැන්ත සහන සහ ගැලවීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කරමින් පවතී. අනපේක්ෂිත ලෙස ඇති වූ මෙම ව්‍යසනයෙන් රටේ යටිතල පහසුකම් දැඩි ලෙස අඩාල වී ඇත.

What's your reaction?

Related Posts

1 of 933

Leave A Reply

Your email address will not be published. Required fields are marked *