නේපාල අග්‍රාමාත්‍ය බලේන්ද්‍ර ෂා මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ විශේෂ ආරාධනයකට අනුව දෙදින නිල සංචාරයක් සඳහා හෙට නවදිල්ලි නුවර බලා පිටත්ව යාමට නියමිතව තිබේ. පසුගිය මාර්තු 27 වැනිදා අග්‍රාමාත්‍ය ධුරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව 36 හැවිරිදි ෂා මහතා සිදුකරන පළමු නිල විදේශ සංචාරය මෙය වීම විශේෂත්වයකි.මෙම සංචාරය සඳහා නේපාල මුදල් අමාත්‍ය ස්වර්ණිම් වග්ලේ සහ විදේශ කටයුතු අමාත්‍ය ශිෂිර් ඛනාල් ඇතුළු 34 දෙනෙකුගෙන් යුත් ඉහළ පෙළේ දූත පිරිසක්ද එක්වෙති. සංචාරය අතරතුරදී නේපාල අග්‍රාමාත්‍යවරයා ඉන්දීය ජනාධිපති ද්‍රෞපදී මුර්මු මහත්මිය හමුවීමට නියමිත අතර, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් යන මහත්වරුන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමටද නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.



























