උතුරු-මැද, වයඹ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල මෙන්ම අම්පාර, මඩකලපුව සහ මන්නාරම දිස්ත්‍රික්කවලට අද (14) සවස් හෝ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇති වීමේ වැඩි අවදානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත. මෙම කාලගුණ තත්ත්වය අද රාත්‍රී 11.30 දක්වා බලාත්මක වන බව සඳහන් වේ.ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලිකව තද සුළං ද ඇති විය හැකි බැවින්, අකුණු අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය පූර්වාරක්ෂාවන් අනුගමනය කරන ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.


























