අමාත්‍ය විජිත හේරත් තායිලන්ත නිල සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව යයි

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා තායිලන්ත කම්කරු අමාත්‍යවරයාගේ නිල ආරාධනයකට අනුව අද (14) සිට දින තුනක කාලයක් එනම් 16 වැනි දා දක්වා තායිලන්තයේ නිල සංචාරයක නිරත වීමට නියමිතව තිබේ.​මෙම සංචාරය අතරතුර අමාත්‍යවරයා, තායිලන්තයේ කම්කරු අමාත්‍යවරයා, සංචාරක අමාත්‍යවරයා මෙන්ම වැඩබලන විදේශ කටයුතු අමාත්‍යවරයා ද හමුවී ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡා පැවැත්වීමට නියමිතය.​එහිදී කම්කරු සහයෝගීතා අවබෝධතා ගිවිසුමකට සහ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් තායිලන්තයේ සේවයේ යෙදවීම පිළිබඳ එකඟතා ගිවිසුමකට අත්සන් තැබීමට අපේක්ෂිතය. මෙමඟින් දෙරට අතර සංචාරක, රැකියා සහ ආර්ථික ක්ෂේත්‍රවල සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් වනු ඇත.

What's your reaction?

Related Posts

1 of 1,330

Leave A Reply

Your email address will not be published. Required fields are marked *