අද (06) පස්වරු 2.00 න් පසු ඌව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. විශේෂයෙන්ම ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75 ඉක්මවූ තරමක් තද වැසි පතිත විය හැකි බවට එම දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි අකුණු අනතුරු සහ තාවකාලික තද සුළංවලින් ආරක්ෂා වීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.සූර්යයා දකුණට ගමන් කිරීමේ වාර්ෂික සංසිද්ධියත් සමඟ, අද දහවල් 12:08 ට බෙන්තොට, තිනියාවල, ඉත්තකන්ද, උඩවලව සහ කතරගම යන ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතියි. අගෝස්තු 28 වැනි දින සිට සැප්තැම්බර් 07 වැනි දින දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශ මතින් සූර්යයා ගමන් කිරීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇත.



























