ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත්

දිවයිනේ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර ඇති නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කර තිබේ. ඒ අනුව අද (22) පස්වරු 4 සිට හෙට (23) පස්වරු 4 දක්වා මෙම රතු නිවේදන සහ අනතුරු ඇඟවීම් ක්‍රියාත්මක වන බව එම සංවිධානය නිවේදනය කරයි.​මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් සඳහා ඉවත් වීමේ මට්ටමේ (3 වන මට්ටම) රතු නිවේදන නිකුත් කර ඇති අතර, කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, කෑගල්ල, රත්නපුර, කුරුණෑගල සහ මාතර යන දිස්ත්‍රික්කවල ප්‍රදේශ රැසක් සඳහාද අවධානයෙන් හා විමසිලිමත්ව සිටින ලෙසට වන අනතුරු ඇඟවීම් (2 සහ 1 මට්ටම්) පනවා ඇත. අදාළ ප්‍රදේශවල ජනතාවට දැඩි සැලකිල්ලෙන් පසුවන ලෙස බලධාරීන් දැනුම් දී සිටී.

What's your reaction?

Related Posts

1 of 1,344

Leave A Reply

Your email address will not be published. Required fields are marked *