ප්‍රදේශ කිහිපයකට වැසි සහ ගිගුරුම් සහිත කාලගුණයක්

දිවයිනේ උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වීමේ හැකියාවක් පවතී.​බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව යන පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි පතිත විය හැක. ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු ඇතිවිය හැකි බැවින් ඒ පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.​මීට අමතරව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව පළාත් මෙන්ම ගාල්ල, මාතර සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැක.

What's your reaction?

Related Posts

1 of 1,417

Leave A Reply

Your email address will not be published. Required fields are marked *