ඉදිරි දින කිහිපය තුළ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය පසුබිමක් නිර්මාණය වී තිබේ. මීට අමතරව, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් අපේක්ෂා කළ හැකි අතර, නැගෙනහිර සහ ඌව පළාත්වල මෙන්ම මුලතිව් දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට පස්වරු 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි වැටීමේ හැකියාවක් ඇත.මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ, උතුරු-මැද සහ වයඹ පළාත් මෙන්ම හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවල විටින් විට තරමක තද සුළං (පැ.කි.මී. 30-40 පමණ) බලාපොරොත්තු විය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු වලින් ආරක්ෂා වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට අවවාද කරයි.මේ දිනවල සූර්යයා දකුණට ගමන් කිරීමත් සමඟ ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශ වලට සෘජුවම ඉහළින් පිහිටා තිබේ. ඒ අනුව, අද (02) දහවල් 12:10 ට ආණමඩුව, මොරගොල්ලාගම, දඹුල්ල, මනම්පිටිය සහ වාලච්චේන යන ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

























