මීගමුව සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු තීරයේ ඇතැම් ස්ථානවල වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙම ප්‍රදේශවල සුළං බස්නාහිර සිට නිරිත දෙසට හමා එන අතර, සුළගේ වේගය පැයට කිලෝමීටර් 30 ත් 40 ත් අතර අගයක් ගනු ඇතැයි අපේක්ෂා කෙරේ.කෙසේ වෙතත්, කන්කසන්තුරය සිට මන්නාරම හරහා හලාවත දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන වෙරළබඩ මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 ත් 60 ත් දක්වා ඉහළ යා හැක. දිවයින වටා පවතින සෙසු මුහුදු ප්රදේශවලද සුළඟේ වේගය පැයට කිලෝමීටර් 45 ත් 50 ත් අතර අගයකට වැඩි වීමේ හැකියාවක් පවතී.මේ හේතුවෙන් විශේෂයෙන්ම හලාවත සිට ගාල්ල සහ මාතර හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වන අතර, මීටර් 2.0 ත් 2.5 ත් අතර උසකට මුහුදු රළ ඉහළ යාමටද ඉඩ ඇත. එබැවින්, අදාළ මුහුදු ප්‍රදේශවල ගමන් ගන්නා ධීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස කාරුණිකව ඉල්ලා සිටී.



























