විශාරද නන්දා මාලනියට ජනාධිපතිවරයාගෙන් අවසන් ගෞරව

ශ්‍රී ලංකීය සංගීත ක්ෂේත්‍රයේ අනුපමේය සේවයක් ඉටු කළ ප්‍රවීණ ගායන ශිල්පිනී විශාරද නන්දා මාලනි මහත්මියගේ අභාවය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (21) රාත්‍රියේ සිය අවසන් ගෞරවය පුද කළේය. නාවල පිහිටි ඒ මහත්මියගේ නිවෙස වෙත ගිය ජනාධිපතිවරයා දේහය තැන්පත් කර තිබූ ස්ථානය වෙත ගොස් සිය ශෝකය ප්‍රකාශ කළේය.​දිවයින පුරා සිටින කලාකරුවන්, දේශපාලනඥයන් මෙන්ම විශාල සංඛ්‍යාවක් සාමාන්‍ය ජනතාවද මේ වන විටත් ඇයට අවසන් ගෞරව දැක්වීම සඳහා එම නිවෙස වෙත නොකඩවා පැමිණෙමින් සිටිති. සංගීත ක්ෂේත්‍රයේ පුරෝගාමී චරිතයක් වූ ඇයගේ වියෝව සමස්ත රටටම පිරවිය නොහැකි පාඩුවක් බව කලා ලෝකය සිහිපත් කරයි.​විශාරද නන්දා මාලනී මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (22) පස්වරු 5:30 ට බොරැල්ල පොදු සුසාන භූමියේදී රාජ්‍ය ගෞරව සහිතව සිදු කිරීමට නියමිතව තිබේ.

What's your reaction?

Related Posts

1 of 1,296

Leave A Reply

Your email address will not be published. Required fields are marked *