ප්‍රවීණ ඡායාරූප ශිල්පී තිලක් පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

ලේක්හවුස් ආයතනයේ ජ්‍යෙෂ්ඨ ඡායාරූප කර්තෘවරයෙකු වූ තිලක් පෙරේරා මහතා මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී ඇත. මියයන විට 59 වැනි වියෙහි පසුවූ ඒ මහතා, මෙරට මුද්‍රිත මාධ්‍ය සහ ඡායාරූපකරණ ක්ෂේත්‍රයට දශක තුනකට ආසන්න කාලයක් සුවිශේෂී මෙහෙවරක් ඉටුකළ ප්‍රවීණයෙකි.​1995 වසරේදී එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමට සම්බන්ධ වූ ඒ මහතා, ‘සරසවි’ සහ ‘සන්ඩේ ඔබ්සර්වර්’ පුවත්පත් වෙනුවෙන් කලා, ක්‍රීඩා සහ වනජීවී ආදී විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් විශිෂ්ට ඡායාරූප නිර්මාණය කළේය. ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඉදිරි බ්‍රහස්පතින්දා තලවතුගොඩ පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.

What's your reaction?

Related Posts

1 of 1,388

Leave A Reply

Your email address will not be published. Required fields are marked *