ප්‍රවීණ රංගන හා නිරූපණ ශිල්පිනී චූලපද්මේන්ද්‍ර කුමාරපතිරණ ජීවිතක්ෂයට

ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රයේ ප්‍රවීණ නිරූපණ ශිල්පිනියක මෙන්ම රංගන ශිල්පිනියක වූ චූලපද්මේන්ද්‍ර කුමාරපතිරණ මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඇය 46 වන වියේ පසුවූ අතර, නිවසේ රැඳී සිටියදී හදිසියේ ඇති වූ අසනීප තත්වයක් හේතුවෙන් ඇය කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව මෙම අවාසනාවන්ත වියෝව සිදුව ඇත.​‘වහින්න මුතු වැස්සක්’ ටෙලි නාට්‍යය හරහා රංගන ක්ෂේත්‍රයට පිවිස ප්‍රේක්ෂකයන් අතර දැඩි ජනප්‍රියත්වයක් දිනාගත් ඇය, පසුව මෝස්තර නිරූපණ ක්ෂේත්‍රය තුළද ඉහළ දක්ෂතා පෙන්වමින් කැපී පෙනෙන චරිතයක් බවට පත්විය. මෑත කාලීනව විවිධ රූ රැජින තරග සහ නිරූපණ වැඩසටහන් සඳහා ද සක්‍රීයව දායක වූ ඇයගේ හදිසි වියෝව කලා ක්ෂේත්‍රයට බලවත් පාඩුවකි.

What's your reaction?

Related Posts

1 of 1,311

Leave A Reply

Your email address will not be published. Required fields are marked *