ප්රාදේශීය කාර්යාල හරහා එක්දින හෝ සාමාන්ය සේවා යටතේ විදේශ ගමන් බලපත්ර ලබාගැනීමට අපේක්ෂා කරන අයදුම්කරුවන් සඳහා අද (29) සිට අන්තර්ජාලය ඔස්සේ (Online) දිනයක් සහ වේලාවක් වෙන්කරවා ගැනීම අනිවාර්ය කර ඇත.ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සජීවීව දැනුම් දෙන්නේ, අදාළ සේවාව ලබාගැනීමට පැමිණීමට පෙර වේලාවන් වෙන්කරගෙන නියමිත වේලාවට පමණක් පැමිණෙන ලෙසයි. මෙම පහසුකම මහනුවර, යාපනය, කුරුණෑගල, වවුනියාව සහ මාතර යන ප්රාදේශීය කාර්යාල සඳහා බලපැවැත්වේ.කෙසේ වෙතත්, බත්තරමුල්ලේ පිහිටි ප්රධාන කාර්යාලයෙන් විදේශ ගමන් බලපත්ර ලබාගන්නා අයදුම්කරුවන් සඳහා මෙම අන්තර්ජාල වේලාවන් වෙන්කිරීමේ පද්ධතිය අදාළ නොවන බව දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැහැදිලි කරයි.


























