පාකිස්තානය පරදවා ශ්‍රී ලංකාවට විශිෂ්ට එක්දින ජයක්

පාකිස්තානයේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණයේ පැවැති එක්දින තරගයෙන් පාකිස්තාන කණ්ඩායම කඩුලු 8කින් පරාජය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.​පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන ඉනිම ලකුණු 110කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වූ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිල වෙනුවෙන් කමිඳු මෙන්ඩිස් නොදැවී ලකුණු 62ක් සහ පවන් රත්නායක නොදැවී ලකුණු 23ක් රැස් කරමින් ජයග්‍රාහී ඉලක්කය පහසුවෙන් සපූරා ගත්තේය.​මෙම ජයග්‍රහණයත් සමඟ තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමේ බලාපොරොත්තු තවදුරටත් තබා ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබී ඇත. ශ්‍රී ලංකාව මුහුණ දෙන ඊළඟ තීරණාත්මක තරගය ඔක්තෝබර් 29 වනදා එංගලන්තයට එරෙහිව පැවැත්වෙන අතර, තරගාවලියේ අවසන් පූර්ව තරගය ඔක්තෝබර් 31 වනදා පැවැත්වීමට නියමිතය.

What's your reaction?

Related Posts

1 of 1,414

Leave A Reply

Your email address will not be published. Required fields are marked *