පාකිස්තාන තුන්කොන් එක්දින තරගාවලියට ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

පාකිස්තානයේදී පැවැත්වෙන ශ්‍රී ලංකාව, පාකිස්තානය සහ එංගලන්තය සහභාගී වන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා වන 16 දෙනෙකුගෙන් යුත් සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත් කර ඇත. කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුත් මෙම සංචිතයට නව සහ වෙනස්කම් කිහිපයක් ඇතුළත් කර තිබීම විශේෂත්වයකි.​වසර දෙකකට වැඩි කාලයකට පසු දසුන් ශානක සහ සහන් ආරච්චිගේ නැවතත් එක්දින සංචිතයට කැඳවා ඇති අතර, අවිශ්ක ප්‍රනාන්දුටද යළි අවස්ථාව හිමිවී තිබේ. ආබාධයකට ලක්ව සිටින පැතුම් නිස්සංකද සංචිතයට ඇතුළත් කර ඇති නමුත්, ඔහු ක්‍රීඩා කරන්නේ වෛද්‍ය පරීක්ෂණවලින් පූර්ණ ශාරීරික යෝග්‍යතාව තහවුරු වීමෙන් පසුවය.​මෙම සංචාරය ප්‍රථමයෙන් විස්සයි20 තරගාවලියකින් ආරම්භ වන අතර, එය ඔක්තෝබර් 09 දින සිට ආරම්භ වේ. අනතුරුව ඔක්තෝබර් 18 වැනිදා සිට එක්දින තුන්කොන් තරගාවලිය පැවැත්වෙන අතර, ඉන්පසු ටෙස්ට් තරග දෙකකටද කණ්ඩායම මුහුණ දීමට නියමිතය.

What's your reaction?

Related Posts

1 of 1,378

Leave A Reply

Your email address will not be published. Required fields are marked *