මඩකලපුව ශික්ෂණ රෝහලේ රුපියල් මිලියන 550 ක මධ්‍යම රජයේ ප්‍රතිපාදන මත ඉදිකරන ලද සත් මහල් වකුගඩු හා රුධිර කාන්දුකරණ ඒකකය සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලදී. නැගෙනහිර පළාතේ වකුගඩු රෝගීන් වැඩිවීම සැලකිල්ලට ගනිමින් මෙම ව්‍යාපෘතිය ඉතා ඉක්මනින් අවසන් කිරීමට පියවර ගෙන ඇත.නවීන පහසුකම්වලින් සමන්විත මෙම ඒකකය තුළ රුධිර කාන්දුකරණ අංශය, සායන, දැඩිසත්කාර ඒකක සහ ශල්‍යාගාර ඇතුළත් වේ. මෙමඟින් මඩකලපුව මෙන්ම අම්පාර ඇතුළු අවට දිස්ත්‍රික්කවල ජනතාවට ද උසස් මට්ටමේ සෞඛ්‍ය සේවාවක් ලබා ගැනීමට පහසුකම් සැලසී ඇත.මඩකලපුව රෝහල් ඉතිහාසයේ පළමු වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මය 2025 මැයි මාසයේදී සාර්ථකව සිදු කර ඇති අතර, මෙම නව ගොඩනැඟිල්ල විවෘත වීමත් සමඟ එම ප්‍රතිකාර සේවා තවත් පුළුල් වනු ඇත. රෝහලේ මානව හා භෞතික සම්පත් සංවර්ධනය කරමින් ජනතාවට කාර්යක්ෂම සේවාවක් ලබා දීම රජයේ ප්‍රධාන අරමුණ වී තිබේ.



























