පානදුර, වලාන ප්‍රදේශයේදී පවුලේ පිරිස සමඟ ගමන් කරමින් සිටියදී නාඳුනන පිරිසක් විසින් බලහත්කාරයෙන් පැහැරගෙන ගිය ප්‍රසිද්ධ ව්‍යාපාරිකයා මිනුවම්පිටිය පොදු සුසාන භූමිය අසල දමා ගොස් සිටියදී සොයාගෙන ඇත.පවුලේ අය සමඟ නිවස වෙත මෝටර් රථයෙන් පැමිණෙමින් සිටියදී ඊයේ (29) රාත්‍රියේ මෙම පැහැරගැනීම සිදුවී ඇති අතර, එහිදී මෝටර් රථයේ වීදුරු කඩා පහරදීමට උත්සාහ කිරීමේදී රථය මාර්ගයේ කාණුවකට වැටී ඇත. සිද්ධියෙන් ව්‍යාපාරිකයාගේ බිරිඳ තුවාල ලබා පානදුර මූලික රෝහලට ඇතුළත් කර තිබේ.පැහැරගැනීමෙන් පසු සුසාන භූමිය අසලින් හමුවූ ව්‍යාපාරිකයාද මේ වන විට ප්‍රතිකාර සඳහා එම රෝහලට ඇතුළත් කර ඇති අතර, මෙම අපරාධය ව්‍යාපාරිකයාගේම ඥාතියෙකු විසින් සිදුකර ඇති බවට මූලික පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත. පානදුර කොට්ඨාස අපරාධ අංශය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



























