පාසල් ප්‍රවාහන ගාස්තු 12%කින් ඉහළට

ඉන්ධන සහ නඩත්තු පිරිවැය ශීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් මැයි මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි පාසල් බස් සහ වෑන් රථ ගාස්තු 12%කින් සංශෝධනය කිරීමට සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමය තීරණය කර තිබේ. පසුගිය මාස කිහිපය තුළ ඉන්ධන මිල රුපියල් 105කින් ඉහළ ගියද මෙතෙක් ගාස්තු වැඩි නොකළ බව පෙන්වා දෙන එම සංගමය, ටයර්, බැටරි, ලිහිසි තෙල් සහ අමතර කොටස්වල මිල ඉහළ යාම හමුවේ මෙම තීරණය ගැනීමට සිදු වූ බව අවධාරණය කරයි. රජය විසින් මගී ප්‍රවාහන ගාස්තු 12.5%කින් වැඩිකර ඇතත්, දෙමාපියන්ට සහනයක් ලෙස තම සංගමය අය කරන්නේ 12%ක අගයක් පමණක් බව එහි ලේකම් වසන්ත ඉංගකෝන් මහතා ප්‍රකාශ කළේය.​දිවයින පුරා විසිරී සිටින 35,000කට ආසන්න සාමාජික පිරිසක් වෙත මෙම ගාස්තු සංශෝධනය දැනුම් දී ඇති අතර, නියමිත ප්‍රතිශතයට වඩා වැඩි මුදලක් අය කරන පුද්ගලයන් සම්බන්ධයෙන් සංගමය වගකීමක් නොගන්නා බවද දන්වා ඇත. රියදුරු සහ සහායක වැටුප් ඇතුළු අනෙකුත් සේවා ගාස්තු ඉහළ යාම හමුවේ ප්‍රවාහන සේවාව අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා මෙම මිල සංශෝධනය අත්‍යවශ්‍ය වී තිබේ. එබැවින් එළඹෙන මැයි මාසයේ සිට නව ගාස්තු ක්‍රමය යටතේ ගෙවීම් සිදුකිරීමට දෙමාපියන් සූදානම් විය යුතුය.

What's your reaction?

Related Posts

1 of 1,128

Leave A Reply

Your email address will not be published. Required fields are marked *