පාස්කු ඉරිදා ප්‍රහාර නඩුවේ තීන්දුව අද ප්‍රකාශයට

2019 වසරේ පාස්කු ඉරිදා එල්ල වූ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ගොනු කර ඇති ප්‍රධාන නඩුවේ තීන්දුව කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය විසින් අද (22) ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.​නවරත්න මාරසිංහ, සුජීව නිශ්ශංක සහ රාමනාදන් කන්නන් යන විනිසුරු මඬුල්ල ඉදිරියේ මෙම තීන්දුව ප්‍රකාශයට පත්කෙරේ. සහරාන් හෂීම් ඇතුළු අයට ආධාර අනුබල දීම සහ කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා 23,270 ක් යටතේ නවුෆර් මවුලවී ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබුණි.​මෙම නඩුව වෙනුවෙන් විත්තිකරුවන්ගේ පාපොච්චාරණ 10ක් සාක්ෂි ලෙස පිළිගෙන ඇති අතර, පුපුරණ ද්‍රව්‍ය සහ ආයුධ ඇතුළු නඩු භාණ්ඩ 2,076 ක් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

What's your reaction?

Related Posts

1 of 1,375

Leave A Reply

Your email address will not be published. Required fields are marked *