පාස්කු ප්‍රහාරය පිළිබඳ කෘතියේ සටහනක් ගැන ප්‍රකාශයක් දීමට ගම්මන්පිල ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද (11) පෙරවරුවේ පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය (TID) හමුවේ පෙනී සිටියේය. ඒ මහතා විසින් රචනා කරන ලද කෘතියක, පාස්කු ප්‍රහාරයට සමාන තවත් ප්‍රහාරයක් පිළිබඳව කර ඇති සඳහන් කිරීමක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා කළ දැනුම්දීමකට අනුව මෙම පැමිණීම සිදු විය.​පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් සිදු කරන ලද කැඳවීමකට අනුව පැමිණි ඒ මහතාගෙන්, අදාළ කරුණු පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු විමසීමට නියමිත බව වාර්තා වේ. තමාගේ කෘතියේ අන්තර්ගත වූ එම සංවේදී කරුණු පිළිබඳව වැඩිදුර විමර්ශනය කිරීම සඳහා ආරක්ෂක අංශ මෙලෙස පියවර ගෙන තිබේ.

What's your reaction?

Related Posts

1 of 1,136

Leave A Reply

Your email address will not be published. Required fields are marked *