වත්තේගම, යටිරාවණ මුදුනේ ගම්මැද්ද ප්රදේශයේ පාළු පාරක සිව් හැවිරිදි දැරියක් ත්රීරෝද රථයකින් රැගෙනවිත් දමාගිය සැකකරු සහ සැකකාරිය හාලිඇල පොලීසිය විසින් අද (14) උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අදාළ කුඩා දැරියගේ මව සහ ඇයගේ අනියම් පුරුෂයා බව පොලීසිය පවසයි.පාලු ස්ථානයක අතහැර දමා ගොස් සිටි මෙම දැරිය පිළිබඳව පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරකට අනුව වත්තේගම පොලීසිය මගින් වහා ක්රියාත්මක වී දරුවා සිය භාරයට ගැනීමට කටයුතු කර තිබුණි.අත්අඩංගුවට ගත් සැකකාර යුවළ සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු සිදුකිරීම සඳහා ඔවුන් වත්තේගම පොලිස් ස්ථානය වෙත භාරදීමට නියමිතව ඇත.



























