ශරීරයේ සම කඩිනමින් පැහැපත් කරන බව පවසමින් විකිණීමට තිබූ ප්රමිතියකින් තොර සහ අනතුරුදායක ආලේපන රැසක් සමඟ පිටකොටුව 2 වන හරස් වීදියේ පිහිටි වෙළඳසැල් කිහිපයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් වැටලීමට ලක් කර ඇත.මෙම නීතිවිරෝධී ආලේපනවල නිෂ්පාදකයා හෝ ආනයනකරු පිළිබඳ කිසිදු තොරතුරක් සඳහන් කර නොතිබූ අතර, අදාළ භාණ්ඩ තොගය නිලධාරීන් විසින් සීල් තබා භාරයට ගෙන තිබේ. අනතුරුව, අදාළ වෙළඳුන්ට එරෙහිව අලුත්කඩේ මහේස්ත්රාත් අධිකරණය හමුවේ නඩු පැවරීමට කටයුතු යොදා ඇත.



























