පිරමිඩ ජාවාරම් මැඩපැවැත්වීමේ මහ බැංකු ක්‍රියාවලිය සිවිල් බුද්ධි පෙරමුණේ විවේචනයට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෑතකදී තහනම් පිරමිඩ යෝජනා ක්‍රම පවත්වාගෙන ගිය ආයතන 25ක් නම් කරමින් නිකුත් කළ නිවේදනය සම්බන්ධයෙන් සිවිල් බුද්ධි පෙරමුණේ සංජය මහවත්ත මහතා සිය දැඩි විවේචනය පළ කර සිටියි. මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේ මහ බැංකුව මෙවැනි තහනම් කිරීම් සහ දැනුවත් කිරීම් සිදු කරනු ලබන්නේ අදාළ ජාවාරම්කරුවන් විසින් මහජනතාවගේ මුදල් වංචා කර අවසන් වූ පසුව බවයි. පූර්ව ආරක්ෂිත පියවරක් ලෙස මෙම වංචනික ක්‍රියාවන් ආරම්භයේදීම හඳුනාගෙන ඒවා මැඩපැවැත්වීමට මහ බැංකුව අපොහොසත් වී ඇති බවටද ඔහු චෝදනා කළේය.​අහිංසක ජනතාවගේ මුදල් අහිමි වී යාමෙන් පසුව මෙවැනි ආයතන ලැයිස්තුගත කර තහනම් කිරීමෙන් ජනතාවට ඉන් පලක් නොවන බව මහවත්ත මහතා පෙන්වා දෙයි. පිරමිඩ ජාවාරම් මගින් සිදුවන මූල්‍ය හානිය වළක්වා ගැනීමට නම් මහ බැංකුව මීට වඩා කඩිනමින් සහ වගකීම් සහගතව මැදිහත් විය යුතු බවත්, දැනට පවතින ක්‍රියාකලාපය මගින් ජනතාව තවදුරටත් අසරණ වන බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.​කෙසේ වෙතත්, මහ බැංකුව මීට පෙර නිවේදනය කර තිබුණේ තමන් විසින් සිදු කරන ලද දීර්ඝ විමර්ශනවලින් අනතුරුව 1988 අංක 30 දරන බැංකු පනතේ 83 (ඇ) වගන්තියට ප්‍රකාරව මෙම ආයතන 25 තහනම් කිරීමට පියවර ගත් බවයි. අදාළ ආයතන නීතිවිරෝධී ලෙස පිරමිඩ යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීම, ප්‍රවර්ධනය කිරීම සහ ඊට අනුබල දීම සිදුකර ඇති බවට මහ බැංකු විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

What's your reaction?

Related Posts

1 of 1,220

Leave A Reply

Your email address will not be published. Required fields are marked *