පුත්තලම-අනුරාධපුර මාර්ගයේ බස් රථ අනතුරකින් 12 දෙනෙකු රෝහලට

පුත්තලම-අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ මී ඔය පාලම අසලදී සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 12 දෙනෙකු තුවාල ලබා පුත්තලම රෝහලට ඇතුළත් කර තිබේ.​කොළඹ සිට අනුරාධපුරය බලා ධාවනය වූ සුඛෝපභෝගී බස් රථයක් ඊයේ (16) රාත්‍රී කාලයේදී පවතිූ අයහපත් කාලගුණය හේතුවෙන් පාලනයෙන් ගිලිහී මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යාමෙන් මෙම අනතුර සිදුව ඇත.​තුවාල ලැබූවන් අතර කාන්තාවන් 07 දෙනෙක්, දැරියක්, පිරිමි පුද්ගලයින් 04 දෙනෙක් මෙන්ම බස් රථයේ රියැදුරු සහ කොන්දොස්තරවරයාද වන අතර, පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

What's your reaction?

Related Posts

1 of 1,382

Leave A Reply

Your email address will not be published. Required fields are marked *