සම්බුද්ධ ශාසනයට සහ බෞද්ධ සාහිත්‍යයට අනුපමේය සේවයක් ඉටු කළ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමිපාණන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (21) පස්වරුවේ රාජ්‍ය අනුග්‍රහයෙන් සිදු කිරීමට නියමිතය. උන්වහන්සේගේ අපවත් වීම සම්බන්ධයෙන් ශෝකය පළ කරමින් දේශපාලනඥයන්, කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් ඊයේ (20) දිනයේදීත් වැල්ලවත්ත ශ්‍රී සුදර්මාරාම විහාරස්ථානය වෙත පැමිණ අවසන් ගෞරව දැක්වූහ.මේ වන විට වැල්ලවත්ත ශ්‍රී සුදර්මාරාම විහාරස්ථානයේ තැන්පත් කර ඇති ශ්‍රී දේහය අදාළ ආදාහන පූජෝත්සවය සඳහා දෙහිවල සරණංකර ක්‍රීඩංගණය වෙත රැගෙන යාමට නියමිතව තිබේ. උන්වහන්සේගේ අපවත් වීම ශ්‍රී ලාංකීය බෞද්ධ සමාජයට මෙන්ම සාහිත්‍ය ක්ෂේත්‍රයටද පාලනය කළ නොහැකි විශාල පාඩුවකි.



























