ශ්‍රී ලංකීය ගීත සාහිත්‍යයට සහ බෞද්ධ සංස්කෘතියට අනුපමේය මෙහෙයක් ඉටු කළ ප්‍රවීණ ගී පද රචක, පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියෝ අපවත් වී තිබේ. කොළඹ ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී උන්වහන්සේ අපවත් වන විට වයස අවුරුදු 76කි.’ලා දළු බෝපත්’, ‘සෙනෙහස පුදා’, ‘සඳ තරු මල්’, සහ ‘සංසාරේ අපි’ වැනි සංවේදී මෙන්ම අර්ථපූර්ණ ගීත රැසක් රචනා කරමින් උන්වහන්සේ දේශීය සුගන්ධවත් ගීත කලාව පෝෂණය කිරීමට දැවැන්ත දායකත්වයක් ලබා දී ඇත. උන්වහන්සේගේ අපවත්වීම මෙරට කලා ක්ෂේත්‍රයට මෙන්ම බෞද්ධ සාහිත්‍යයටද පිරවිය නොහැකි පාඩුවකි.අපවත්වී වදාළ රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ දේහය වැල්ලවත්ත සුධර්මාරාම විහාරස්ථානය වෙත රැගෙන ආ අතර, සිකුරාදා දින දක්වා එය එම විහාරස්ථානයේ තැන්පත් කර තැබේ. උන්වහන්සේගේ ආදාහන කටයුතු එදින සිදු කිරීමට නියමිතව ඇත.



























