පූජ්‍ය හන්තානේ ධම්මගවේසී හිමියෝ අමරපුර සාසනෝදය සංඝ සභාවේ අනුනායක ධූරයට පත්වෙති

මොරවක අරති අධ්‍යාත්මික සෙනසුන ඇතුළු විහාරස්ථාන කිහිපයක විහාරාධිපති ධූරය හොබවන රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති, පූජ්‍ය හන්තානේ ධම්මගවේසී ස්වාමීන්වහන්සේ ශ්‍රී ලංකා අමරපුර ශ්‍රී සම්බුද්ධ සාසනෝදය සංඝ සභාවේ අභිනව අනුනායක ධූරයෙන් පිදුම් ලබා තිබේ.​උන්වහන්සේ වෙත අක්තපත්‍ර ප්‍රදානය කිරීමේ පූජෝත්සවය ඔක්තෝබර් 27 වනදා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා (BMICH) පරිශ්‍රයේ ලෝටස් ශාලාවේදී පැවැත්විණි. මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය විසින් අක්තපත්‍රය පිරිනමන ලද අතර, විජීනිපත ප්‍රදානය කිරීම බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා අතින් සිදු විය.​මෙම පූජනීය අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ මියන්මාර තානාපති Daw Malar Than Hteik මහත්මිය, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගරිකා අතාවුද මහත්මිය ඇතුළු මැතිඇමතිවරුන්, රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් සහ විශාල දායක පිරිසක් සහභාගී වී සිටියහ.

What's your reaction?

Related Posts

1 of 1,400

Leave A Reply

Your email address will not be published. Required fields are marked *