අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් තාවකාලිකව ලිහිල් කර තිබූ ඉන්ධන කෝටා ක්‍රමය අද (18) මධ්‍යම රාත්‍රියේ සිට යළිත් බලාත්මක කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර ඇත. ඒ අනුව, මීට පෙර පැවති නීතිරීතිවලට යටත්ව QR ක්‍රමය හරහා පමණක් පෙට්‍රල් නිකුත් කිරීම සිදු කෙරේ. අප්‍රේල් 11 වනදා සිට වාහන හිමියන්ට ලබා දී තිබූ එම විශේෂ සහනය අදින් අවසන් වන බව සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා තහවුරු කරයි.මෙම ක්‍රියාවලිය යටතේ පෙර පැවති ඉන්ධන කෝටාවන් එලෙසම සක්‍රීය වන අතර, ඉන්ධන පිරවුම්හල් මගින් QR කේතය පරීක්ෂා කිරීම අනිවාර්ය වනු ඇත. කෙසේ වෙතත්, වාහන අංක තහඩුවේ අවසාන අංකය අනුව ඉන්ධන ලබාගන්නා “ඔත්තේ ඉරට්ටේ” ක්‍රමවේදයෙහි කිසිදු වෙනසක් සිදු නොවන අතර එය තවදුරටත් නොවෙනස්ව ක්‍රියාත්මක වේ. එබැවින් හෙට දිනයේ සිට ඉන්ධන ලබාගැනීමට පැමිණෙන පාරිභෝගිකයන් තමන්ට හිමි කෝටාව සහ නියමිත දිනය පිළිබඳ සැලකිලිමත් වීම වැදගත්ය.
























