‘පොඩි පැටී’ වෙඩි තැබීමේ සැකකරු දැලේ

අහුංගල්ල ප්‍රදේශයේදී සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘පොඩි පැටී’ ඉලක්ක කර ගනිමින් එල්ල වූ වෙඩි ප්‍රහාරයට සම්බන්ධ බවට සැකකෙරෙන පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබේ. කොස්ගොඩ, හෑගල්ල ප්‍රදේශයේ ලැඟුම්හලක සැඟව සිටියදී ඊයේ (17) මොහු කොටුකරගත් අතර, ඒ වන විටත් සැකකරු සන්තකයේ ‘අයිස්’ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 13 කට අධික ප්‍රමාණයක් තිබී හමු වූ බව වාර්තා වේ.​අත්අඩංගුවට පත්ව ඇත්තේ කොස්ගොඩ, පිටිගොඩ ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙකි. පසුගිය 16 වනදා රාත්‍රී 11.30 ට පමණ අහුංගල්ල, වැලිකන්ද ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි පොඩි පැටී වෙත නාඳුනන පිරිසක් ටී-56 වර්ගයේ ගිනිඅවියකින් වෙඩි තබා තිබුණි. මෙම ඉලක්කගත වෙඩි තැබීම සංවිධානාත්මක අපරාධකරුවකු ලෙස සැලකෙන ‘ලොකු පැටී’ ගේ සහෝදරයා වන ‘පොඩි පැටී’ මරා දැමීමේ අරමුණින් සිදුකළ එකක් බවට සැක කෙරේ.​සිද්ධිය සම්බන්ධයෙන් අහුංගල්ල පොලිසිය විශේෂ විමර්ශන කණ්ඩායම් යොදවා ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදු කෙරේ. වෙඩි තැබීමට යොදාගත් අවිය සහ මීට සම්බන්ධ අනෙකුත් පිරිස් අනාවරණය කර ගැනීම සඳහා දැනටමත් මෙහෙයුම් පුළුල් කර ඇත.

What's your reaction?

Related Posts

1 of 1,101

Leave A Reply

Your email address will not be published. Required fields are marked *