පොත් සඳහා අය කරන බදු ඉවත් කරන ලෙස ප්‍රකාශකයින්ගෙන් ඉල්ලීමක්

කියවීමේ පොත් සඳහා බදු අය නොකිරීම ගෝලීය වශයෙන් රටවල් 90%ක පමණ අනුගමනය කරන පිළිවෙතක් වන බැවින්, මෙරට පොත් සඳහා අය කරන උපයන විට බද්ද කඩිනමින් ඉවත් කරන ලෙස පොත් ප්‍රකාශකයින්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටියි. කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් එම සංගමයේ සභාපති අතුල ජයකොඩි මහතා මේ බව සඳහන් කළ අතර, මෙවැනි බදු පැනවීම මඟින් අධ්‍යාපනික සහ සාහිත්‍යමය කටයුතුවලට දැඩි බලපෑමක් එල්ල වන බව ඔහු පෙන්වා දුන්නේය.​මේ අතර, 27 වැනි වරටත් සංවිධානය කෙරෙන ජාත්‍යන්තර කොළඹ පොත් ප්‍රදර්ශනය ලබන මස 25 වැනි දින සිට ඔක්තෝබර් මස 4 වන දින දක්වා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා (BMICH) පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතව ඇත. සාහිත්‍ය ලෝලීන් වෙනුවෙන් වාර්ෂිකව පැවැත්වෙන මෙම දැවැන්ත ප්‍රදර්ශනය සඳහා මෙවරත් පාඨකයන්ගෙන් විශාල සහභාගීත්වයක් අපේක්ෂා කෙරේ.

What's your reaction?

Related Posts

1 of 1,292

Leave A Reply

Your email address will not be published. Required fields are marked *