පොසොන් පුර පසළොස්වක පොහොය දින සැමරුම වෙනුවෙන් හෙට (28) දිනයේ සිට ජූනි 30 වැනිදා දක්වා දිවයින පුරා පිහිටි සියලුම බලපත්‍රලාභී මත්පැන්හල් වසා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. මෙම කාලසීමාව තුළ මත්පැන් අලෙවි කිරීම සම්පූර්ණයෙන්ම තහනම් වන අතර, නියමිත වේලාවන්හිදී පමණක් නැවත විවෘත කිරීමට අවසර හිමිවනු ඇත.අනුරාධපුර පූජා නගරය කේන්ද්‍ර කරගත් ප්‍රදේශවල සඳහා විශේෂ නීති මාලාවක් ක්‍රියාත්මක වේ. ඒ අනුව, මිහින්තලේ, මධ්‍යම නුවරගම් පළාත, නැගෙනහිර නුවරගම් පළාත සහ මහවිලච්චිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල පිහිටි මත්පැන්හල් ජූනි 25 වැනිදා සිට ජූලි 3 වැනිදා දක්වා කාලසීමාව තුළ වසා තැබිය යුතු බවට බලධාරීන් උපදෙස් දී ඇත.මෙම රෙගුලාසි උල්ලංඝනය කරමින් කටයුතු කරන බලපත්‍රලාභීන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා ලෙස සියලුම සුරාබදු ස්ථානාධිපතිවරුන්ට දැනුම් දී තිබේ. යම් හෙයකින් නීති විරෝධී ලෙස මත්පැන් අලෙවි කරන ස්ථාන පිළිබඳව තොරතුරු වෙතොත්, මහජනතාවට 1913 ක්ෂණික දුරකථන අංකය ඔස්සේ සුරාබදු දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කළ හැකිය.



























