බගවන්තලාව ප්‍රධාන ජල නළ පද්ධතියට හානි කළ තරුණයන් දෙදෙනෙක් අත්අඩංගුවට

බගවන්තලාව කැම්පියන් නගරයට සහ වතුයායේ පහළ කොටසට පානීය ජලය සපයන ප්‍රධාන ජල නළ පද්ධතිය කඩා විනාශ කිරීම සම්බන්ධයෙන් එම වතුයායේම පදිංචි තරුණයන් දෙදෙනෙකු බගවන්තලාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. කැම්පියන් වතුයායේ ඉහළ ජල පෝෂක ප්‍රදේශයේ සිට නගරයේ ජල ටැංකිය වෙත ජලය ගෙන යන නළ මාර්ගය මෙලෙස ස්ථාන කිහිපයකින්ම හානි කර ඇත.​මෙම විනාශකාරී ක්‍රියාව හේතුවෙන් නගරයේ වෙළෙඳසැල්වලට මෙන්ම වතුයායේ පහළ කොටසේ පදිංචි වතුකම්කරු පවුල් 225කට පමණ මේ වන විට පානීය ජල සැපයුම සම්පූර්ණයෙන්ම ඇනහිට තිබේ. වෙළෙඳුන් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව ප්‍රදේශවාසීන් සහ පොලිසිය එක්ව සිදුකළ සෙවුම් මෙහෙයුමකදී හානි කරන ලද නළ කොටස් සොයා ගැනීමට සමත්ව ඇත.​ප්‍රදේශවාසීන් සහ ව්‍යාපාරික ප්‍රජාව දැඩි පීඩාවට පත් කරමින් ජල පද්ධතිය කඩා දැමූ මෙම සැකකරුවන් දෙදෙනා හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර උපරිම දඬුවම් ලබා දෙන ලෙස ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

What's your reaction?

Related Posts

1 of 1,353

Leave A Reply

Your email address will not be published. Required fields are marked *