බද්දේගම, හල්පතොට ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි තිදෙනෙකු ඉලක්ක කර සිදුවූ T-56 ප්‍රහාරයකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෝටර් රථයකින් පැමිණි පිරිසක් ත්‍රීරෝද රථයේ මාර්ගය හරස් කර මෙම ප්‍රහාරය එල්ල කර ඇත.මෙම සිදුවීමෙන් ත්‍රීරෝද රථය පැදවූ පුද්ගලයා එම ස්ථානයේදීම මියගිය අතර, තුවාල ලැබූ කාන්තාවන් දෙදෙනාගෙන් එක් අයෙකු බද්දේගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත. අනෙක් කාන්තාව බරපතල තත්ත්වයෙන් ගාල්ල ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි. මියගිය කාන්තාව ගාල්ල අපරාධ කොට්ඨාසයට අත්සන් කර පැමිණෙමින් සිටියදී මෙම ඉලක්කගත ප්‍රහාරයට ලක්ව ඇති බව පොලිසිය පවසයි.



























