බන්ඩාරවෙල හිටපු නගරාධිපති ජනක නිශාන්ත රත්නායක අත්අඩංගුවට

බන්ඩාරවෙල මහ නගර සභාවේ සිදුවූ බව කියන මූල්‍ය වංචාවක් සහ ව්‍යාජ ලේඛන සකස් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බන්ඩාරවෙල විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් බන්ඩාරවෙල නගර සභාවේ හිටපු නගරාධිපති ජනක නිශාන්ත රත්නායක මහතා අත්අඩංගුවට ගෙන තිබේ. මීට මාස කිහිපයකට පෙර අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින එම නගර සභාවේ ආදායම් පරීක්ෂකවරුන් දෙදෙනෙකු සහ ලිපිකරුවන් කිහිප දෙනෙකුගෙන් ලබාගත් තොරතුරු මත සිදු කරන ලද විමර්ශනවලින් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බව පොලිසිය පවසයි. ඊයේ (09) රාත්‍රියේදී අත්අඩංගුවට ගෙන ඇති හිටපු නගරාධිපතිවරයා මේ වන විට බන්ඩාරවෙල විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් ප්‍රශ්න කරමින් සිටින අතර, අද (10) දින බන්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

What's your reaction?

Related Posts

1 of 1,324

Leave A Reply

Your email address will not be published. Required fields are marked *