බන්ධනාගාර හදිසි අවස්ථා කළමනාකරණයට ඒකාබද්ධ යාන්ත්‍රණයක් පිහිටුවීමේ වැඩපිළිවෙළක් – අධිකරණ අමාත්‍ය

බන්ධනාගාර තුළ ඇති වන හදිසි තත්ත්වයන්ට සාර්ථකව මුහුණ දීම සහ රැඳවියන්ගේ සුබසාධනය තහවුරු කිරීම වෙනුවෙන් රාජ්‍ය ආයතන එකමුතුවෙන් ඒකාබද්ධ යාන්ත්‍රණයක් පිහිටුවීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ. අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15) වටරැක එළිමහන් වැඩකඳවුරේදී මෙහි සමාරම්භක කටයුතු සිදු විය.​මෙම නව කමිටුව වටරැක එළිමහන් වැඩකඳවුරේ අධිකාරීවරයාගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වන අතර, බන්ධනාගාරයේ අවශ්‍යතා සහ ආරක්ෂාව පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අවම වශයෙන් මාසයකට හෝ දෙකකට වරක් රැස්වීමට නියමිතය. හදිසි අවස්ථාවකදී ආයතන අතර පවතින අන්තර් සම්බන්ධතාව මඟින් ගැටලු වඩාත් හොඳින් කළමනාකරණය කරගත හැකි බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.​හෝමාගම ප්‍රාදේශීය ලේකම්වරයා සහ වටරැක බන්ධනාගාර අධිකාරීවරයා ඇතුළුව ත්‍රිවිධ හමුදාව, ගිනි නිවීම් සේවය, ජල සම්පාදන මණ්ඩලය සහ විදුලිබල මණ්ඩලය වැනි රාජ්‍ය ආයතන රැසක නියෝජිතයෝ මෙම අවස්ථාවට සහභාගී වූහ.

What's your reaction?

Related Posts

1 of 1,380

Leave A Reply

Your email address will not be published. Required fields are marked *