මාතර, එළියකන්ද පාරේ පිහිටි පොල් ඉඩමක් මිලදී ගැනීමේ සිද්ධියට අදාළ නඩුවක් සඳහා අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන්, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර තිබූ වරෙන්තුව මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත් චතුර දිසානායක මහතා විසින් අද (21) දින යළි දීර්ඝ කිරීමට පියවර ගෙන තිබේ.අදාළ අධිකරණ කටයුත්ත සඳහා හිටපු අමාත්‍යවරයා මෙලෙස නොපැමිණි දෙවන අවස්ථාව මෙය වන අතර, ඒ සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කරමින් මහෙස්ත්‍රාත්වරයා විසින් සැකකරුගේ ඇපකරුවන් සිව්දෙනාටද දැඩි අවවාදයක් ලබා දී ඇත.මෙහිදී නියෝග කර ඇත්තේ අදාළ සැකකරු කඩිනමින් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙසත්, එසේ අපොහොසත් වන්නේ නම් නියමිත ඇප මුදල් රාජසන්තක නොකිරීමට හේතු දක්වන ලෙසත්ය.























