බැසිල් රාජපක්ෂ ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට කොටුව අධිකරණයෙන් නියෝග

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ, භාෂ්වර ගුණරත්න සහ රූමි ජව්ෆර් යන මහත්වරුන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (29) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) නියෝග කළේය. සැකකරුවන් පදිංචි ස්ථානවලින් බැහැරව ගොස් ඇති බව පොලිසිය දැනුම් දුන් අතර, ඒ අනුව ඔවුන්ට විදේශගත වීම වැළැක්වීමේ තහනම් නියෝගයක්ද ආගමන විගමන පාලකවරයා වෙත නිකුත් කිරීමට මහේස්ත්‍රාත්වරයා පියවර ගත්තේය.​මෙම නියෝගය නිකුත් කෙරුණේ 2014 වසරේ පැවැති ඌව පළාත් සභා මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයට අයත් රුපියල් මිලියන 7.8ක මහජන මුදල් අවභාවිත කිරීමේ චෝදනාවකට අදාළවයි. නීතිපති උපදෙස් මත පොදු දේපළ පනත යටතේ මෙම පිරිස සැකකරුවන් ලෙස නම් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් මගින් කළ කරුණු දැක්වීම සලකා බැලීමෙන් පසු අධිකරණය මෙම තීරණයට එළඹුණි.​සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් මුවාවෙන් එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සහ දේශපාලන පක්ෂයක නාමය සහිත ටී-ෂර්ට් 12,000ක් මුද්‍රණය කර මොනරාගල දිස්ත්‍රික්කයේ දේශපාලන ව්‍යාපාර සඳහා බෙදා හැරීමට මෙම ප්‍රතිපාදන යොදවා ඇති බව CIDය අධිකරණය හමුවේ වැඩිදුරටත් අනාවරණය කළේය.

What's your reaction?

Related Posts

1 of 1,165

Leave A Reply

Your email address will not be published. Required fields are marked *