බුද්ධශාසන නීති යාවත්කාලීන කරන්න – සජිත් ප්‍රේමදාස

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට හිමි කර දී ඇති ප්‍රමුඛස්ථානය සුරැකෙන පරිදි ඊට අදාළ නීතිරීති වර්තමානයට ගැළපෙන ලෙස වහා යාවත්කාලීන කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි.​ශ්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ අනුනායක පූජ්‍ය ඕමාරේ කස්සප හිමියන් හමුවූ අවස්ථාවේදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, බුද්ධාගමට මෙන්ම සෙසු ආගම්වලටද නිසි ගෞරවය හිමිවිය යුතු අතර සංඝරත්නයේ ගෞරවය සුරැකීම සැමගේ වගකීමක් බවයි.​කමිටු පත්කරමින් කාලය නාස්ති නොකර පැය 24ක් ඇතුළත අවශ්‍ය පියවර ගත යුතු බවත්, භික්ෂූන් වහන්සේලාගේ පූජනීයත්වය සුරැකීම වෙනුවෙන් අවශ්‍ය නීතිමය සංශෝධන සිදුකිරීමට විපක්ෂයක් ලෙස උපරිම මැදිහත්වීම සිදුකරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

What's your reaction?

Related Posts

1 of 1,377

Leave A Reply

Your email address will not be published. Required fields are marked *