බෙංගාල බොක්කේ නව අඩු පීඩන කලාපයක් – ධීවරයින්ට රතු නිවේදනයක්

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ නව අඩු පීඩන කලාපයක් නිර්මාණය වී ඇති බැවින් ගැඹුරු මුහුදේ යෙදෙන බහුදින ධීවර හා නාවික ප්‍රජාව සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් විශේෂ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ. උතුරු අන්දමන් දූපත් ආශ්‍රිතව පිහිටි මෙම පද්ධතිය ඉදිරි පැය කිහිපය තුළ පීඩන අවපාතයක් දක්වා වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.​ඉදිරියේදී වයඹ දෙසට ගමන් කරමින් තවදුරටත් වර්ධනය වන මෙම පද්ධතිය, ඔක්තෝබර් 26 වනදා උදෑසන වන විට බෙංගාල බොක්කේ බටහිර මධ්‍යම ප්‍රදේශය ආශ්‍රිතව සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමේ ඉහළ සම්භාවිතාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.​මේ හේතුවෙන් උතුරු අක්ෂාංශ 10-20ත් නැගෙනහිර දේශාංශ 80-95ත් අතර මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම් දී ඇත. දැනට එම ප්‍රදේශවල රැඳී සිටින ධීවරයින්ට වහාම ආරක්ෂිත ප්‍රදේශ වෙත ගමන් කරන ලෙසත්, කාලගුණ දෙපාර්තමේන්තුව නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳ විමසිලිමත් වන ලෙසත් උපදෙස් දී තිබේ.

What's your reaction?

Related Posts

1 of 1,392

Leave A Reply

Your email address will not be published. Required fields are marked *