බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්යම ප්රදේශයේ පැවති ගැඹුරු පීඩන අවපාතය “ඔර්නබ්” නමැති සුළි කුණාටුව දක්වා වර්ධනය වී ඇති බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙම පද්ධතිය ඉදිරි පැය කිහිපය තුළ වයඹ දෙසට ගමන් කරමින් තවදුරටත් බලවත් වී චණ්ඩ සුළි කුණාටුවක් බවට පත්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.පවතින තත්ත්වය හමුවේ අදාළ මුහුදු ප්රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර 80 සිට 100 දක්වා ඉහළ යා හැකි අතර, මීටර් 3 සිට 4 දක්වා උසින් යුත් රළ මාලාවක් ද හටගත හැක. එබැවින් නැවත දැනුම් දෙන තුරු උතුරු අක්ෂාංශ 10-20 ත්, නැගෙනහිර දේශාංශ 80-95 ත් අතර මුහුදු කලාපයන්හි ධීවර හා නාවික කටයුතුවලින් සම්පූර්ණයෙන් වළකින ලෙසත්, දැනට එම ප්රදේශවල සිටින පිරිස් වහාම ආරක්ෂිත ස්ථාන වෙත ගමන් කරන ලෙසත් උපදෙස් දී ඇත.



























