ශ්රී ලංකාවට එරෙහිව පැවැත්වීමට නියමිත තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ක්රීඩකයින් 14 දෙනෙකුගෙන් යුත් පාකිස්තාන මූලික සංචිතය බාබර් අසාම්ගේ නායකත්වයෙන් යුතුව ප්රකාශයට පත් කර ඇත. මෙහි විශේෂත්වය වන්නේ සමීර් මිනාස්, මොහොමඩ් තාහා සහ මොහොමඩ් සුලෙයිමාන් යන නැගී එන පිතිකරුවන් තිදෙනා ප්රථම වතාවට පාකිස්තාන ටෙස්ට් සංචිතයට කැඳවා තිබීමයි.2025–2027 ICC ලෝක ටෙස්ට් ශූරතාවලියට අයත් මෙම තරගාවලිය ආරම්භ වන විට පාකිස්තානය ප්රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයේ පසුවන අතර ශ්රී ලංකාව 7 වැනි ස්ථානයේ පසුවේ.නම් කරන ලද පාකිස්තාන සංචිතයට බාබර් අසාම් (නායක), අබ්දුල්ලා ෆසාල්, අලී උස්මාන්, අරෆත් මිනාස්, අසාන් අවායිස්, මොහොමඩ් අබ්බාස්, මොහොමඩ් ගාසි ගෝරි, මොහොමඩ් සුලෙයිමාන්, මොහොමඩ් තාහා, රාසවුල්ලා, සාද් බේග්, සල්මාන් අලි ආගා, සමීර් මිනාස් සහ සවුද් ශකීල් ඇතුළත් වේ. දෙරට අතර පළමු ටෙස්ට් තරගය නොවැම්බර් 9 සිට 13 දක්වා රාවල්පින්ඩි හිදී ද, දෙවන තරගය නොවැම්බර් 17 සිට 21 දක්වා ලාහෝර් හි ගඩාෆි ක්රීඩාංගණයේදී ද පැවැත්වීමට නියමිතය.



























