බෙංගාල බොක්කේ පීඩන අවපාතයක්

ශ්‍රී ලංකාවට කිලෝමීටර් 1000ක් පමණ ඊසාන දෙසින් වයඹදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළ ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙම තත්ත්වය හේතුවෙන් අදාළ මුහුදු ප්‍රදේශවල වැසි සහ සුළං තත්ත්වය ඉහළ ගොස් ඇත.​මේ නිසා උතුරු අක්ෂාංශ 5ත් 22ත් සහ නැගෙනහිර දේශාංශ 80ත් 95ත් අතර මුහුදු ප්‍රදේශවල නිරත වන ධීවර හා නාවුක ප්‍රජාවට නැවත දැනුම් දෙනතුරු වහාම එම ප්‍රදේශවලින් ඉවත් වන ලෙස දන්වා තිබේ. මුහුදු යන සියලුම දෙනා කාලගුණ අංශවල ඉදිරි නිවේදන පිළිබඳ දැඩි විමසිලිමත්වන ලෙස ඉල්ලා සිටී.

What's your reaction?

Related Posts

1 of 1,344

Leave A Reply

Your email address will not be published. Required fields are marked *