භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 පිළිබඳ වාර්තාව පාර්ලිමේන්තුවට

භාණ්ඩාගාරයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් අස්ථානගත වීමේ සිද්ධියට අදාළ අවසන් විමර්ශන වාර්තාව ලබන සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේ, මෙම සිදුවීම සම්බන්ධයෙන් සිදුකළ දීර්ඝ අධ්‍යයනයකින් පසු වාර්තාව මේ වන විට සකස් කරමින් පවතින බවයි.​මුදල් අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉදිරිපත් කළ වාර්තා පදනම් කර ගනිමින් මෙම කෙටුම්පත සකස් කර තිබේ. මහ බැංකුව සහ භාණ්ඩාගාරය ඉදිරිපත් කළ කරුණු අතර පවතින පරස්පරතා හඳුනා ගනිමින්, මුදල් කාරක සභාවේ සියලුම සාමාජිකයින්ගේ එකඟතාවය ඇතිව මෙම වාර්තාව සකස් කිරීම මේ වන විට සිදු කෙරේ.​පවතින කටයුතු අවසන් කිරීමෙන් පසු ලබන අඟහරුවාදා වන විට වාර්තාවේ අවසන් පිටපත සූදානම් කෙරෙනු ඇත. ඉන් අනතුරුව, ලබන සතිය තුළදීම එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව හර්ෂ ද සිල්වා මහතා වැඩිදුරටත් තහවුරු කළේය.

What's your reaction?

Related Posts

1 of 1,212

Leave A Reply

Your email address will not be published. Required fields are marked *