අගෝස්තු 31 සිට සැප්තැම්බර් 04 දක්වා භූතානයේ පැවති 2026 සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට (GCFSS) සහභාගී වීමෙන් අනතුරුව, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ හරහා ඊයේ (05) යළි දිවයිනට ළඟා වූවාය. දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් පුළුල් කරගැනීමේ අරමුණින් මෙම නිල සංචාරය ක්‍රියාත්මක විය.සංචාරය අතරතුර අග්‍රාමාත්‍යතුමිය භූතාන රජු වන ජිග්මේ ඛේසාර් නම්ගියෙල් වංචුක් මහතා හමුවී සාකච්ඡා පැවැත්වූ අතර, එරට අග්‍රාමාත්‍ය දාශෝ ත්සේරින්ග් තොබ්ගේ සහ අධ්‍යාපන අමාත්‍යවරයා සමඟද විශේෂ ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරත වූවාය. මීට අමතරව, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු ජාත්‍යන්තර පාර්ශ්වකරුවන් කිහිප දෙනකුද ඇය හමුවිය.අධ්‍යාපනය, සංස්කෘතිය, තිරසාර සංවර්ධනය සහ පරිසරය වැනි ක්ෂේත්‍රවල සහයෝගීතාව වර්ධනය කරගැනීමට මෙම සංචාරය බෙහෙවින් ඉවහල් විය. නිල කටයුතුවලට අමතරව, තිම්පුහි තාෂිචෝ ඩ්සොං විහාරස්ථානය වැද පුදා ගැනීම සහ රාජකීය රෙදිපිළි කෞතුකාගාරය මෙන්ම පාරෝහි ජාතික කෞතුකාගාරය නැරඹීමටද අග්‍රාමාත්‍යතුමිය කාලය වෙන් කර ගත්තාය.



























